වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (25) පස්වරු 6.00ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙරබරවාරි මස 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27වනදා සිට මාර්තු මස 21වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)