නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කන්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීමේ අවදානමක් පිළිබඳව විමසිලිමත් වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතීනම් මෙම අවදානම මතුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්‍ෂිත ස්ථානයකට යෑමට සූදානම් වන ලෙසද එම ආයතනය දැනුම්දී තිබෙනවා.
මෙසේ නාය යාමේ අවදානමක් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රදේශයි.
(colombotimes.lk)