20 May 2025


පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක්ට වැඩ වරදියි



බීමතින් පාසල් සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුපොත පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින්.

එම නිලධාරීන් විසින් ඊයේ (19) කටුපොත නගරයේ දී පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම රියදුරු බීමත්ව සිටින බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වන රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)