01 July 2025

logo

හිටපු අමාත්‍යවරයෙක්ට වාරණයක්



කොළඹ දිසා අධිකරණය විසින් අද (20) හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු එම ආයතනයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ එහි ලේකම්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

එම වාරණ නියෝගය දින 14ක කාලයක් බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)