19 February 2026

logo

වාණිජ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්



වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩු වී තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ තනතුර දරන ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන අමීනා ෂාෆි මෝභින් වහාම ක්‍රියාත්මක වන පරිදි වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)