13 June 2025


උතුරු නැගෙනහිර ඉඩම් ගැන විශේෂ තීරණයක්



උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිරවුල් කර යළි එම ජනතාවටම ලබාදෙන බව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත ප්‍රකාශ කළා.

ඒ උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබන 23වනදා පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)