02 July 2025

logo

රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ජනපති ගත් තීරණය



රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් රණවිරුවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම අද (20) සිදු වී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදීයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත මෙම වාහන පිරිනමා ඇති බවයි.

මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් රණවිරු සේවා අධිකාරියට භාරදී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක එම ලේඛන භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)