20 May 2025


බුද්ධි තොරතුරක් ගැන ආරක්ෂක ඇමතිගෙන් අනාවරණයක්



ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමඟ විවිධ දේශපාලන කණ්ඩායම් සබඳතා පවත්වන බවට බුද්ධි අංශ තොරතුරුවලින් හෙළිවී තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ රටේ ක්‍රියාත්මක වන අපරාධ වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමසදාස අද (20) පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමෙන් පසු එම දේශපාලන කණ්ඩායම් ඉදිරියේදී පාර්ලිමේන්තුවට හෙළි කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

(colombotimes.lk)