21 May 2025


විශේෂ පනතක් සංශෝධනය කරයි



1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ මරණ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව පවතින නීතිමය රාමුව සහ ක්‍රියාපටිපාටි හා පිළිවෙත් වැඩිදියුණු කිරීමට හැකි වනු පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් 2022-10-25 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා මූලික පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)