මීට පෙර ද හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නිර්දේශ මත ප්‍රමිතියෙන් තොර එන්නත් සහ ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා ඇත්දැයි සෙවීමට සී. අයි. ඩී. ය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට ඖෂධ සංස්ථාවේ ඉහළ නිලධාරියෙකුගෙන් රහස් පොලීසිය ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කාලවල සිටි ඉහළ පෙළේ නිලධාරීන්ගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළා.
(colombotimes.lk)