30 January 2025


ඊ ටිකට්පත් සම්බන්ධ අක්‍රමිකතාවලට CIDයෙන් විමර්ශනයක්



දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමේදී සිදු වූ අක්‍රමිකතාවලට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම විමර්ශනය සිදු කරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම ටිකට් පත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ඒ යටතේ සැකකරුවන් 04 දෙනෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  මහත්මියට දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)