ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආබාධවලට හේතුව එක් වෛද්‍යවරයෙකු විසින් ලබාදෙන ඖෂධ බව දයාසිරි ජයසේකර මහතා පවසනවා.
COPE කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම හෙළිදරව්ව සිදුකළා.
එම වෛද්‍යවරයා වෘත්තිමය වශයෙන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු නොවන බවයි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.
ඒ අනුව වෛද්‍යවරයා ලබාදෙන ඖෂධ හේතුවෙන් ක්‍රීඩකයින්ගේ ආබාධ තවදුරටත් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වෛද්‍යවරයා වන්ෂොට් යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන බවත් ඔහු ලබාදෙන වේදනා නාශකවල අතුරු ප්‍රතිවිපාක ලෙස ආබාධ මතුවන බවත් වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)