ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා නව කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF), මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු හෙළිකළ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මාස 8ක කාලයක් ගතවන බවයි.
ඒ නිසා ඖෂධ ප්‍රසම්පාදන වල අක්‍රමිකතා සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව නිරන්තරයෙන් හදිසි ප්‍රසම්පාදන සඳහා යොමුවීම නිසා මෙම අක්‍රමිකතා සිදුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.
(colombotimes.lk)