21 February 2025


කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙයි



කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයකට අධික කාලයක් තිස්සේ අක්‍රිය වී තිබෙනවා. 

අදාළ සමාගම සහ සෞඛ්‍යය අමාත්‍යාශ බලධාරීන් සමඟ කතා කළ ද, මෙතෙක් එය යථාවත් කරගැනීම නොහැකි වූ බවයි රජයේ විකිරණවිද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ. 
 
ඒ හේතුවෙන් හලාවත, මහනුවර සහ කෑගල්ල රෝහල් වෙත හදිසි රෝගීන් පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන යාමට සිදු වූ බව ද ඔහු සඳහන් කළා. 
 
එමෙන්ම සාමාන්‍ය රෝගීන්ගේ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම මේ වන විට බරපතල ගැටලුවක් වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ. 
 
මෙසේ රෝගීන් ප්‍රවාහනය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට විශාල වියදමක් දැරීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
(colombotimes.lk)