ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය අද (29) ආරම්භ වනවා.
අද සිට ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන පුහුණු තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වනු ඇති.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මෙරට වේලාවෙන් අද පස්වරු 2:00 ට Guwahati පිහිටි Barsapara Cricket ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වනවා.
දෙවන තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 05 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබන 07 වනදා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)