කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත් කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව ඔහුට හිමිවී ඇත්තේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරයයි.
කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධූරයට තේරී පත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ඔහුයි.
එමෙන්ම නීතිඥවරයෙක් වන ගැරී ආනන්දසංගරී දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී 1983 වසරේ කෝලහල පැවති සමයේ කැනඩාවට ගොස් තිබෙනවා.
ඔහු දේශපාලනයට පිවිසීමට පෙර නීතිඥවරයෙක් සහ ප්‍රජා උපදේශකයෙක් ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමනේම ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)