17 March 2025


මැතිවරණ කාලසීමාවේ ක්‍රියා කළ යුතු ආකාරය ගැන සිහිකැඳවීමක්



රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපල මැතිවරණ කාල සීමාව තුළදී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

එහි සඳහන් වන්නේ පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම පසුගිය 3වනදාත් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනාකරි ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන 03 සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම පසුගිය 10වනදාත් ප්‍රසිද්ධ කළ බවයි.

ඒ අනුව පසුගිය 03වනදා සිට ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර අවසන් වන තෙක් වූ කාල සීමාව '' ඡන්ද විමසීමේ කාල සීමාව' බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,



(colombotimes.lk)