02 July 2025

logo

හඳුන්නෙත්තිගේ තීරණයට රොෂාන් මහානාම අකමැති වෙයි



මෙම ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කළා.

කෙසේ වෙතත් මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගනය ඉදිකිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් රොෂාන් මහානාම කනස්සල්ල පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණ සඳහා ආයෝජනය කිරීමට වෙනුවට රට පුරා සිටින තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වඩා හොඳින් සහය වීම සඳහා පවතින පහසුකම් වැඩිදියුණු කිරීමට පවතින අරමුදල් වෙන් කළ යුතු බවයි.

(colombotimes.lk)