2025 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අදින් (17) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව එම කටයුතු උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා සිදු කරන බවයි වාර්තා වන්නේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී නාම යෝජනා භාර ගැනීම තේරීම් භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු වනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට බාධා නොවන අයුරින් නාම යෝජනා භාරදීමේදී කටයුතු සිදු කරන ලෙසයි.
පළාත් පාලන ආයතන 336ක් සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීමද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඒ අනුව මැතිවරණ දිනය ලබන 20වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)