උතුරු මැසිඩෝනියාවේ සමාජ ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 59දෙනෙක් මියගොස් ඇති බවයි.
එමෙන්ම තවත් 100කට වැඩි පිරිසක් ඒ හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(colombotimes.lk)