08 July 2025

logo

ඉන්දීය ශිෂ්‍යාවක් ඇමෙරිකාවෙන් පිටුවහල් කරයි



හමාස් සංවිධානයට සහාය දැක්වූ ඉන්දීය ශිෂ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටුවහල් කර තිබෙනවා.

ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටි රංජනී ශ්‍රීනිවාසන් මෙලෙස පිටුවහල් කෙරුණා.

ඇය ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානයට සහාය දැක්වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නියැලි සිටීම හේතුවෙන්.

ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඔහුගේ X ගිණුමේ සඳහන් වන්නේ ප්‍රචන්ඩත්වය හා ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙක්ට තම රට තුළ රැදි සිටිමට ඉඩ නොදෙන බවයි.

පිටුවහල් කළ ඉන්දීය ශිෂ්‍යාව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ නාගරික සැලසුම්කරණය පිළිබද ආචාර්ය උපාධිය ලැබූ කාන්තාවක් වන අතර ඇය වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටියදී පිටුවහල් කර තිබෙනවා.


(colombotimes.lk)