11 May 2025


කැනඩා රජය චීන තානාපතිවරයෙකු නෙරපයි



කැනඩාවේ ටොරන්ටෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු නෙරපීමට කැනේඩියානු රජය කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එම නිලධාරියා චීන තානාපති කාර්යාලයක සේවය කළ කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට හිරිහැර කළ බවට චෝදනා එල්ලවීමත් සමඟම මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

චීනය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී මයිකල් චොං චෝදනා කර ඇති අතර අනතුරුව හොංකොං හි වෙසෙන ඔහුගේ ඥාතීන්ට චීන බලධාරීන් හිරිහැර කර ඇති බවට වාර්තාවී තිබෙනවා.

කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජෝලි නිල වශයෙන් නිවේදනය කරමින් සඳහන් කළේ, සාඕ වෙයි නෙරපන බවයි.
(colombotimes.lk)