හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහි නඩුවක් අද (26) යළි විභාගයට ගෙන තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේදීයි.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පැමිණිලි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවයි වාර්තා වන්නේ.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබීමට නියෝග කර තිබෙනවා.
හිටපු වෙළද අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන මොහොමඩ් ශාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
(colombotimes.lk)