02 June 2025


හිටපු අමාත්‍යවරයෙක්ට එරෙහි නඩුවක් යළි විභාගයට



හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවක් අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා.

චීන සමාගමක් මඟින් අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ සිදුකල ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුභසාධන කටයුතු සඳහා එම සමාගෙමන් ලබාදුන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

නඩුව අද කැඳවූ අවස්ථාවේ රජයේ අධි නිතීඥ අකලංක බාල පටබැඳිගේගේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදී තිබෙනවා.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 7වනදා සිදු කිරීමට දින නියම කළා.
 
(colombotimes.lk)