2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)