පාර්ලිමේන්තුව හෙට (20) සිට 23වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.
ඒ අනුව හෙට පෙ.ව 9.30 - පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 – 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් පෙ.ව. 11.00 -11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතයි.
ප.ව 5.00 සිට ප.ව 5.30 කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව නිවේදනය කළේ මැයි 21වනදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි.
එමෙන්ම පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා සහ පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය වෙන්කර තිබෙන්නේ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීම වෙනුවෙන්.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබෙනවා.
මේ අතර මැයි 22වනදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8වන වගන්තිය යටතේ යෝජනා සම්මත 10ක් විවාදයට ගැනීමට නියමිතයි.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මැයි 23වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)