19 May 2025


සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ගැන පැමිණිල්ලක්



ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය විසින්.

ඔහු සඳහන් කළේ ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති වාහනවල තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවයි.

එලෙස ටෙන්ඩර්වල තක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබාදී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)