පසුගිය සතියේ මෙරට සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිස් සංඛ්‍යා ලේඛනවලින් හෙළිවී තිබෙනවා.
එම කාල සීමාව තුළ අනතුරුවලින් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 100කට වැඩි බවයි වාර්තා වන්නේ.
මේ අතරින් වැඩිම පිරිසක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම සංඛ්‍යාව 28ක්.
මේ වසරේ ජනවාරි 1වනදා සිට මැයි 14වනදා දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු 902කින් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
(colombotimes.lk)