17 July 2025

logo

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්



දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් පසුගිය දිනවල අඩාලව පැවති දුම්රිය ධාවනය අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (19) පැවති එම විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් පසුගිය 17වනදා සිට දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදු වුණා.

කෙසේ වෙතන් ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)