03 July 2025

logo

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක්



පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත අද (20) පත් කර තිබෙනවා.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරන තෙක් ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි.

 
(colombotimes.lk)