15 March 2025


මහජන බැංකුවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදකියි



මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් මහා විහාර වාංශික ස්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් බැහැදැක තිබෙනවා.

එමෙන්ම මහා විහාර වාංශික ස්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරත්න මහනාහිමිපාණන් වහන්සේවද බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය ඇතුළු බැංකු නිලධාරින් සහභාගී වී තිබෙනවා.





(colombotimes.lk)