09 July 2025

logo

කෙන්යාවේ ජනාධිපතිවරයාගේ මෝටර් රථයට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බිළිවෙයි



කෙන්යාවේ ජනාධිපතිවරයා ගමන් කළ රථ පෙළපාලියේ රජයේ වාහනයක ගැටීමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති විලියම් රූටෝගේ රථ පෙළපාලිය නයිරෝබි අගනුවර පැවති මහජන හමුවකට සහභාගී වීම සඳහා යමින් සිටියදී මෙය සිදුවී ඇති බවයි.

මෙම අනතුරෙන් 79 හැවිරිදි වියේ පසුවන එඩ්ගර් චාල්ස් ෆ්‍රෙඩ්රික් නම් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් රජයේ වාහනයේ රියදුරු අත්අඩංගුවට ගෙන පසුව මුදල් ඇප මත මුදා හැර ඇති බවයි.

(colombotimes.lk)