අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින්.
2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවයි.
ඊට අදාළ මූලික මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 27වනදා පවත්වා තිබෙනවා.
එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වනතෙක් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙනවා.
(colombotimes.lk)