09 July 2025

logo

ට්‍රම්ප් රටවල් 43ක පුරවැසියන්ට සංචාරක තහනමක් පැනවීමට සැලසුම් කරයි



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ පනවන ලද සීමාවන්ට වඩා පුළුල් වන එක්සත් ජනපදයට ගමන් කිරීම තහනම් කිරීමේ නව කොටසක් ලෙස රටවල් 43ක පුරවැසියන් ඉලක්ක කර ගැනීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සලකා බලමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්ෂක නිලධාරීන් විසින් සකස් කරන ලද නිර්දේශ කෙටුම්පත් ලැයිස්තුවක් එක්සත් ජනපදයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන රටවල් 11 ක 'රතු' ලැයිස්තුවක් යෝජනා කර ඇති බවයි.
 
එම රතු ලැයිස්තුවේ අන්තර්ගත රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය, භූතානය, කියුබාව, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනය සැලකෙනවා.



(colombotimes.lk)