09 July 2025

logo

ඇමරිකා මිසයිල ප්‍රහාරයකින් ISIS ප්‍රධානියෙක් ජීවිතක්ෂයට



ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් ISIS ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියෙක් වන අබ්දුල්ලා මක්කිමුස්ලිහ් අල් රිෆායි නොහොත් අබු කදීජා මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ ඉරාක බුද්ධි අංශ එක්ව එම ප්‍රහාරය දියත් කර ඇති බවයි.

අබු කදීජා ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙක් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එමෙන්ම ඉරාකයේ අල් ඛාන් පළාතේ සිදු කළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවට ඇමරිකාව සහ ඉරාකය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් තවත් ISIS ප්‍රබල සාමාජිකයෙක්ද මියගොස් තිබෙනවා.

(colombotimes.lk)