2016 වසරේදී ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් ඌව පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ එම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)