02 July 2025

logo

වසරේ අවසාන උල්කාපාත වර්ෂාව දැකගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාවක්



මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන 'ජෙමිනිඩ්ස්' උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ උච්චතම අවස්ථාව දැක බලා ගැනීමට හෙට (14) රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

රාත්‍රී 9.00න් පසුව උතුරු නැගෙනහිර අහසේ ‍පැයකට උල්කාපාත 120ක් පමණ දර්ශනය වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ​පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ ප්‍රකාශ කළා.

(colombotimes.lk)