03 July 2025

logo

සුපිරි නළු ෂාරුක් ඛාන් ලබන මාසයේ දිවයිනට



City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අගෝස්තු මාසයේ 02වනදාට යෙදී තිබෙනවා.

ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගීවීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හී සුවිශේෂී ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරන විශාලතම ආයෝජනයක් ලෙසද හැඳින්විය හැකියි. 

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවට වාර්තා වනවා. 

(colombotimes.lk)