03 July 2025

logo

වැඩි මිලට සහල් විකුණුවොත් වැඩ වරදියි



උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා මේ වන විට අඛණ්ඩව වැටලීම් ආරම්භ කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ ඇතැම් වෙළෙඳුන් තොග සඟවාගෙන අධික මිලකට සහල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එවැනි වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර එහිදී රුපියල් ලක්ෂ 05 උපරිම දඩයකට හෝ මාස 06ක සිර දඬුවමක් නියම කිරීමට හෝ එසේ නොමැතිනම් මෙම දඬුවම් ද්විත්වයටම යටත්වීමට සිදු වන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)