19 April 2025


මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කරයි



දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින්  නිකුත් කර තිබෙනවා.

මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022ක් පිහිටුවීමට නියමිතයි.

පොලීසිය සහ මහජන සබඳතා ශක්තිමත් කරමින් සාමය ආරක්ෂා කිරීම, අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම, ආගමික සමගිය තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙම කමිටු පිහිටුවීමෙන් සපුරා ගැනීමට ද නියමිතව තිබෙනවා.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික පොලිස් හා ත්‍රිවිද හමුදා නිලධාරීන් මෙන්ම යෞවනයන්ද එම කමිටුවල සාමාජිකයන් ලෙස පත් කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ නිල කාලය වසර 03ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක කමිටුවල ප්‍රගතිය සෑම මසකම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සමාලෝචනය කළ යුතු  අතර මාස 02කට වරක් දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම කමිටු සාමාලෝචනය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)