රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වන විට පෙත්සම් 7ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම් අද (06) ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11වනදා ආරම්භ කරන බවයි.
(colombotimes.lk)