බ්‍රසීලයේ පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ 10දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Luiz Claudio Galeazzi නම් 61 හැවිරිදි බ්‍රසීල ව්‍යාපාරිකයා එම ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් සංචාරයක් සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
එම අනතුරින් Luiz සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ තවත් පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානය කඩා වැටී ඇත්තේ ගොඩනැගිලි කිහිපයක් මතට බවයි.
එම නිසා බිම සිටි පුද්ගලයන් 17දෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තාවල සඳහන්.
එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ගුවන්ගත වීම හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.
(colombotimes.lk)