2024 වසරේ මේ දක්වා කාල සිමාව තුළදී වනඅලි 50ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධව දැනටමත් සුදුසු පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව අනවසර විදුලිය ලබා ගැනීමක් සම්බන්ධව තොරතුරක් ලද වහාම 1987 හෝ 0112118767 යන දුරකථන අංකවලට අමතා දැනුම්දෙන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
(colombotimes.lk)