23 December 2024


පාවෙන වෙළඳ සංකීර්ණය අභාවයට



මහින්ද චින්තනය වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය 2014 වසරේදී බේරෙ වැව පාවෙන වෙළඳ සංකීර්ණය මහජන අයිතියට පත් කළා.

කලකදී ඉතා මනරම් ස්ථානයක් වූ මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ස්ථානයක්.

නමුත් නිසි නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට වෙළඳ සංකීර්ණය අභාවයට ගොස් තිබෙනවා.

වෙළෙඳසැල් හිමියන් කියා සිටියේ පාවෙන වෙළඳ සංකීර්ණයට පිවිසීමට තිබෙන ලී පඩිපෙළ අබලන් වී කැඩීයාම නිසා එය භාවිතා කිරීම ඉතා අනතුරුදායක බවයි.

එමෙන්ම බේරේ වැවෙන් හමන අධික දුගඳ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඉතා පීඩාවට පත්වී ඇති අතර වැසිකිළි සහ කාණු පද්ධති අපවිත්‍රවීමෙන් මදුරුවන් බෝ වන ස්ථානයක් බවටද එය පත්ව තිබෙනවා.

(colombotimes.lk)