එළඹෙන මැයි 29 වන දිනට පළමු වරට එවරස්ට් කන්ද තරණය කර වසර 70ක් සපිරෙනවා.
එය පළමු වරට තරණය කර ඇත්තේ 1953 මැයි 29 දිනයේදීයි.
ඒ, නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි සහ ඔහුගේ මාර්ගෝපදේශක ටෙන්සිං නොර්ගේ විසින්.
ඉන් අනතුරුව කඳු නගින්නන් දහස් ගණනක් කඳු මුදුනට ළඟා වී ඇති අතර සිය ගණනක් මිය ගොස් තිබෙනවා.
නමුත් අද වන විට එවරස්ට් තරණයේ ඇති ගැටළු සහගත බව එය ජීවනෝපාය කරගත් පුද්ගලයින්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා.
මෙයට හේතුව කදු මුදුනේ උෂ්ණත්වය ඉහළ යාම, ග්ලැසියර සහ හිම දියවීම හේතුවෙන් අනාරක්ෂිත බවක් ගෙන තිබීමයි.
(colombotimes.lk)