කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගියදා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පැය 3කට ආසන්න කාලයක් ඊයේ (25) කොම්පඤ්ඤ වීදිය පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
එම ගැටුමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන තිබූ අතර ගැටුමෙන් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙක්ද පහරකෑමට ලක්වී තිබුණු බවයි වාර්තා වන්නේ.
එම ගැටුමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියාව ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)