කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා ඇතිව තිබෙන බව පොලීසිය පවසනවා.
ඒ නෙළුන්දෙණිය සහ උඩුකුඹුර අතරදී ගසක් කඩා වැටීම හේතුවෙන්.
මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙන බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ.
මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන්, හල්දුම්මුල්ල සහ බෙරගල අතර ප්‍රදේශයේ රිය ධාවනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(colombotimes.lk)