කොළඹ වරාය 2025 පළමු මාස 08 තුළ රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ 2024 වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18.9ක් වන බවයි.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩිවීම රුපියල් බිලියන 13ක් පමණ වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක් පෙන්නුම් කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
2025 පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ඇස්තමේන්තුගත ඉලක්කය ඉක්මවා වැඩිපුර රුපියල් බිලියන 11ක් උපයා ගැනීමට සමත් වී තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)