31 May 2026

logo

සියලු ඉන්ධනවල මිල ගණන් ඉහළට



සියලු ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 407ක් ලෙසයි. 

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. 

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 478ක් ලෙසයි. 


(colombotimes.lk)