30 May 2026

logo

බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ අවන්හලකට වැඩ වරදියි



බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව අද (30) කටුනායක මීගහවත්ත ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ අවන්හලක් වටලා තිබෙනවා. 

ඒ වළානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්.

එහිදී මත්පැන් බෝතල් 90ක් සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලීසිය වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. 


(colombotimes.lk)